දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්යක්ෂ මන්ඩල සාමාජික විතානාච්චි දොන් චම්ලි පත්මලාල් මහතා එම ධුරවලින් ඉවත් කරයි.
දකුණු පළාත් ආන්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් මෙම ඉවත් කිරීම සිදුකරමින් ඊයේ(26) දිනයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පොදුජන පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්රීවරයෙකු වන චම්ලි විතානාච්චි මහතා මෙවර ජනජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙයි.
එමෙන්ම එලෙස නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව සිටි බස්නාහිර පළාත් හිටපු පොදුජන පෙරමුණු මන්ත්රීවරුන් දෙදෙනෙකු වූ බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා සාමාජික උපාලි කොඩිකාර මහතා සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති හා සාමාජික ප්රසන්න සංජීව මහතාද එම තනතුරුවලින් ඉවත් කරමින් බස්නාහිර පළාත් ආන්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් නොබෝදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි .
එම අධිකාරියන්හි බලතල හා කාර්යන් නිසිලෙස ඉටු නොකිරීම නිසා උපාලි කොඩිකාර සහ ප්රසන්න සංජීව යන මහත්වරු එම තනතුරුවලින් ඉවත් කරණ බව බස්නාහිර පළාත් ආන්ඩුකාරවයා දක්වා තිබුනද චම්ලි විතානාච්චි මහතා ඉවත් කිරීමට හේතුවක් දකුණු පළාත් ආන්ඩුකාරවරයා විසින් දක්වා නැත.
ජේ. ඉඳුරුවගේ