දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් දැඩි සෞඛ්‍ය පිළිවෙත් අනුව මෙම මැතිවරණය පැවැත්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඡන්දදායකයින් මුඛ ආවරණ පැළඳගෙන අවම වශයෙන් මීටර 1 ක දුරින් සිටිය යුතු වෙයි. ඡන්ද දායකයන්ගේ ශරීර උෂ්ණත්වය මනින අතර ඔවුන්ගේ අත් විෂබීජහරණය කර ප්ලාස්ටික් අත්වැසුම් පැළඳී සිටියි.
මෙම සෞඛ්‍යමය අවවාද පිළිගන්නා ඡන්ද දායකයන්ට පමණක් තමන්ට හිමි ඡන්ද පත්‍රිකාව නිකුත් කරනු ලබයි.
දකුණු කොරියාවේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා ඡන්දදායකයින් මිලියන 43.9 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.
දකුණු කොරියාව කිසි විටෙකත් මැතිවරණයක් කල් දමා නැත. 1952 කොරියානු යුද්ධයේදී පවා ඔවුන් සිය ජනාධිපතිවරණය පැවැත්වීය.