දකුණු ආසියානු කලාපය තුළ සිදුව ඇති කෝවිඩ් -19 මරණ සංඛ්‍යාව අද දිනය වනවිට 58ක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,020කි. මෙහිදී ඇෆ්ගනිස්තානය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යනාදී ලෙස සියලුම දකුණු ආසියානු රාජ්‍යයන් තුළදී මෙම කෝවිඩ් -19 ආසාදිතයන් හමුව තිබේ.
ඒ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පාකිස්තානයේදීය. එය 1,625 කි. ඉන් 18 දෙනෙකු මරණයට පත්ව ඇත. ඉන්දියාව තුළ ආසාදිතයන් 1,071ක් වාර්තා වී ඇති අතර මරණ 30ක් සිදුව තිබේ. සිව්වැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇෆ්ගනිස්තානයේ සහ ශ්‍රී ලංකාවේදීය. දෙරටේම ආසාදිතයන් 120 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ඇෆග්නිස්තානයෙන් මරණ හතරක්ද ශ්‍රී ලංකාවෙන් එක් මරණදෙකක්ද වාර්තා වී ඇත.
එසේම බංග්ලාදේශය තුළ ආසාදිතයන් 48ක් සිටින අතර මරණ 5කි. මාලදිවයින තුළ ආසාදිතයන් 17ක් හඳුනාගෙන ඇති අතර මරණ වාර්තා වී නැත. එසේම මියන්මාරය, නේපාලය සහ භූතානය තුළ පිළිවෙලින් ආසාදිතයන් 10,5 සහ 4 දෙනෙකු හඳුනාගෙන ඇත. එහෙත් මේ දක්වා එම රටවලින් කිසිදු කෝවිඩ් 19 මරණ වාර්තා වී නැත.
දැනටමත් ඉන්දියාවේ මූලිකත්වයෙන් දකුණු ආසියානු කලාපය හෙවත් සාක් කලාපයේ රාජ්‍යයන් අතර ව්‍යාප්ත වන කෝවිඩ් 19 පිටුදැකීම සහ ඉන් හානියට පත්වන්නන්ට සහාය දැක්වීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති අතර, ඊට බොහෝ පිරිසකගේ ආධාර මුදල් හිමිවෙමින් තිබේ. ශ්‍රී ලංකාවද ඒ සඳහා ඩොලර් මිලියන 5ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇත.