දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සඳහා උපරිම තොග මිල හෙට ( 28 ) දින අලුයම 5 සිට ක්‍රියාත්මක කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ගොවි නියෝජිතයන් එක්ව තීරණයකට එළැඹි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
අද ( 27 ) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයට පත් කළේය.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සෑම අයෙකුගේම සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ සෞඛ්‍ය පරිපාලන ඒකකයක් ද අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ රජයේ විශේෂ උපදෙස් ලබාගෙන දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තබන බවත් එසේ සිදුකරන්නේ දේශීය ගොවියා මෙන්ම රටේ ආහාර අවශ්‍යතාව නිසා බවත් විදේශ රටවලින් එළවළු රැගෙන ඒමට නොහැකි නිසා මෙම එළවළු සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ අවශ්‍යතාව නිසා බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
පසුව අමාත්‍යවරයා එළවළු මිල ගණන් ඉදිරිපත් කරන ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන තුළ හෙට දින අලුයම 5 සිට දිගටම ක්‍රියාත්මක වන එළවළු කිලෝවක උපරිම තොග මිල මෙසේ පවතින බව හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශයට පත් කළේය.
මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ දින දෙකක් ඇතුළත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ තුනක ප්‍රමාණයක් අලෙවි වූ බවය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල උපරිම තොග මිල කිලෝවක මෙසේය .
ගෝවා රුපියල් 70 යි බෝංචි රුපියල් 110 යි, ලීක්ස් රුපියල් 100 ,කැරට් නුවරඑළිය 150යි ,කැරට් යාපනය රුපියල් 100, කොළ නුවරඑළිය 50 යි කට් බිට් මැල්සිරිපුර 60 , කට්බිට් යාපනය 60 , තක්කාලි රුපියල් 80 මාළුමිරිස් 110 , රාබූ 30 ,නෝකෝල් 40, අර්තාපල් නුවරඑළිය 150 ,අර්තාපල් යාපනය 100,අර්තාපල් වැලිමඩ 140.,අර්තාපල් ආනයනික 130 ,වැටකොළු 50 ,බණ්ඩක්කා 40, පතෝල 40 ,කරවිල 60, පිපිඤ්ඤා 40, වට්ටක්කා මැලේසියන් 60 ,වට්ටක්කා ලොකු 70, වම්බටු 80, බටානා 50 ,දඹල 60 ,එලබටු 70, මෑකරල් 60 ,මුරුංගා 120, අලු කෙසෙල් 60, බතල 50 ,දෙහි 200, කැකිරි 40 ,තිබ්බටු 200,අමුමිරිස් 160 ,රතුලූනු ලංකා 220 ,කොමඩු රුපියල් 50 ,ආදී වස් මිල උපරිම තොග මිල ගනන් න බව හෙතෙම සඳහන් කළේය .
එමෙන්ම මෙම මිල ගණන් වලට එළවළු අඩු විය හැකි නමුත් කිසිදු ආකාරයකින් වැඩිමිලට ආර්ථික මධ්‍යස්ථානය තුළ අලෙවි කිරීමට ඉඩ නොදෙන බවත් එහි වගකීම වෙළඳ සංගමය සහ කළමනාකරණ භාරය ගත යුතු බවද අවධාරණය කළේය.
එමෙන්ම එළවළු තොග මිල මෙසේ සටහන් කර තිබියදී සිල්ලර මිල සඳහා එළවළු වල මිල සඳහන් කිරීම පාරිභෝගික අධිකාරියේ වෙළඳ අමාත්‍යාංශයේ වගකීමක් බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
කිලෝවකින් රුපියල් 30 ක උපරිම ලාභයක් ලබාගෙන එළවළු සිල්ලරට අලෙවි කිරීමට දිවයිනේ ඕනෑම තැනකදී හැකිවන බවද හෙතෙම සඳහන් කළේය.
දඔුල්ල - කාංචන කුමාර ආරියදාස