පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමය තුල පවුල් 17 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා පවසයි .
මෙසේ පවුල් 17ක පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුව ඇත්තේ 7 දින රාත්‍රියේ දී මෙම නිවාස යෝජනා ක්‍රමය තුල ස්වයං නිරෝධායනයට ලක් කර තිබු 61 හැවිරිදි කොරෝනා ආසාදිතයා තොරතුරු වසන් කිරිමේන් පසුව නැවත සෞඛ්‍ය අංශ දිර්ඝ සොයා බැලිමකින් පසුව බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසයි.
අදාළ කොරෝනා ආසාදිතයා පසුගිය මාර්තු 16 දින ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් නමුත් මොහු කිසිම අවස්ථාවක සෞඛ්‍ය අංශ දැනුවත් කර නොමැති බවත් කියයි.
ඒ සමගම පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් මෙම තැනැත්තා පිළිබදව මාර්තු 21 දින තොරතුරු සොයා ගෙන ඇති බවත් එදින සිට ඔහුගේ නිවස තුලදිම ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ .
නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම කොරෝනා ආසාදිතයා මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍යයකට මාර්තු 21 කට පෙර සහභාගි වි ඇති බවයි. ඒ අනුව මෙම තැනැත්තා මේ කිසිදු තොරතුරක් පවසා නැති බවත් කියයි.
මොහුගෙන් සෞඛ්‍ය අංශ අවස්ථා කිපයකදි ඔහු ආගිය ස්ථාන පිළිබදව තොරතුරු ඉල්ලා සිට ඇති නමුත් ලබා දි නැති බව කියයි.
ඊයේ (7) දින රාත්‍රියේ මෙම අල් කාසිම් සිටි කොරෝනා ආසාදිතයා අංගොඩ බෝවන රෝග පිළිබද විද්‍යායතනයට රැගෙන යාමට පෙරද ඔහු ආගිය ස්ථාන පිළිබදව විමසා සිට ඇති නමුත් කිසිදු තැනකට නොගිය බව පවසා තිබිම සැකයට ගත් සෞඛ්‍ය අංශ අද 8 දින මේ පිළිබදව දිර්ඝ සොයා බැලිමක් කර තිබේ .
ඒ අනුව මෙම කොරෝනා ආසාදිතයා මන්නාරම අවමංගල්‍යයට සහභාගිවු වැන් රථයේ රියදුරු ඇතුළු මොහු විටින් විට ගමන් කල නිවාස 17 පිරිස් සොයා ගැනිමට සෞඛ්‍ය අංශ කටයුතු කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .
ඒ අනුව අදාළ නිවාස 17 ක් දින 14ක ස්වයං නිරෝධායනයට ලක්කල බවත් තොරතුරු වසන්කල කොරෝනා ආසාදිතයා පිළිබදව පුත්තලම මුලස්ථාන පොලීසියට දන්වා ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියයි.