ආහාර නිෂ්පාදන පිරිවැයේ සැලකිය යුතු වැඩිවීම අනුව ඊයේ රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි කොත්තු, ෆ්රයිඩ් රයිස් සහ කිරි තේ සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ නංවීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව බත් පැකට්ටුවක මිල රු. 25 කින්,
කොත්තු සහ ෆ්රයිඩ් රයිස් මිල රු. 50 කින්,
තේ කෝප්පයක මිල රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට එම සංගමය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් පාරිභෝගික භාණ්ඩ මිලෙහි අඩුවීමක් සිදුවුවහොත් ඊට අනුරූප සහන මහජනතාවට ලබාදීමට සූදානම් බවද එම සංගමය පවසයි.