තේ සහ කිරිතේ කෝප්පයක මිල අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
ඒ අනුව රුපියල් 50ක් වූ තේ එකක් රුපියල් 30ක් සහ රුපියල් 120ක් වූ කිරි තේ එකක් රුපියල් 100ක් දක්වා ද අඩු කර තිබේ.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හමුවී, තේ සහ කිරිතේ වලට පාලන මිලක් පනවන ලෙස ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් පාලන මිලක් පැනවුවහොත් ජනතාවට ඕනෑම හෝටලයකින් බියෙන් සැකෙන් තොරව තේ එකක් බීමේ හැකියාව ඇති බවද අසේල සම්පත් මහතා පැවසීය.