තේ වගාව සඳහා තවදුරටත් අලුත් ඉඩම් යොදා නොගැනීමට රජය තීරණය කර තිබේ.
විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය සඳහා මේ වනවිට වගා කර ඇති ඉඩම් ප්‍රමාණවත් වීම මීට හේතු වී ඇති බවයි.
ඒ අනුව පවතින තේ ඉඩම්වලින් ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි වගාවට පොහොර යෙදීම, පුරප්පාඩු පැළ රෝපණය, අධි ඝනත්ව වගා ක්‍රමය හඳුන්වා දීම මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් තේ ආශ්රිත නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා ද අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් තේ පර්යේෂණ ආයතනයට උපදෙස් දී තිබේ.
තලවකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් මේ වනවිට නව තේ ප්‍රභේද 70ක් හඳුන්වා දී ඇති අතර ඒවා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රභේද බවට එම ආයතනය සඳහන් කළේය.
මේ අතර තේ අපනයනයෙන් මෙම වර්ෂට තුළදී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇති බවට රජය ඇස්තමේන්තු කර තිබේ.