මෙරට තේ කර්මාන්තයේ ඵලදායිතාවය ඉහළ නැංවීමේ අරමුණින් මේ වසරේදී එම කර්මාන්තයේ යෙදෙන වගා කරුවන්,කම්හල් හිමියන්,නිෂ්පාදකයින් සහ අපනයන කරුවන් සඳහා මූල්‍ය සහනාධාර ලබාදීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.
ඒ අනුව අක්කර 10 ට වැඩි තේ ඉඩම් සඳහා නව වගාව ,පාළු සිටුවීම සහ නැවත වගාව සහ ජල සම්පාදන ව්‍යාපෘතිවලට ,තේ දළු ප්‍රවාහනයට ප්රමිතගත නයිලෝන් බහාලුම් මිලදී ගැනීමට ,තේ වියලුම් යන්ත්‍ර මිලට ගැනීමට ,තේ ගබඩා සඳහා සූර්ය පැනල සවි කිරීමට ,සුහුරු දළු නෙළීමේ කණ්ඩායම් සහ යන්ත්ර් උපකරණ කුලියට සැපයීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට මෙම සහනාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව තේ මණ්ඩලය සඳහන් කරයි.
මේ සඳහා අයදුම් පත් බාර ගන්නා අවසාන දිනය මෙම ජනවාරි 31 දාය.
ජේ.ඉඳුරුවගේ