මතභේදයට තුඩු දුන් චීන පොහොර පිළිබඳව තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. මෙම ආයතනය එම සමාගම විසින් තෝරා ගත් තෙවැනි පාර්ශ්විය ආයතනයක් වෙයි.
මෙම පොහොර පිළිබඳව ශ්රී ලංකා ශාක නිරෝධායන සේවාව කළ පරීක්ෂණවලදී එහි අහිතකර බැක්ටීරියා ඇති බවට හෙළිවිය. Schutter ආයතනයේ පරීක්ෂණ වාර්තාව පවසන්නේ චීන සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිදු හානිකර බැක්ටීරියා, සැල්මොනෙල්ලා සහ ඇස්කරයිඩ් බිත්තර හමු නොවූ බවයි.