ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දා සිට ඔක්තෝබර් මස 30 දක්වා කාලසීමාවෙහිදී රුපියල් බිලියන 25.1 දක්වා 76% කින් අඩු වී ඇති බව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ අයවැය ආර්ථික හා මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවෙන් අනාවරණය වේ.
මෙම වාර්තාව මාර්තු මස 07 වෙනි දා නිකුත් කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට ඔක්තෝබර් 30 දක්වා කාල සීමාවෙහිදී රුපියල් බිලියන 106.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කොට තිබේ.
2024 වර්ෂයේ පළමු මාස 10 තුළ දී සංස්ථාවේ මූල්‍ය විදයම රුපියල් බිලිනය 1.1 දක්වා පහළ ගොස් ඇත. එහෙත් විකුණුම් ආදායම පහත වැටීම ශුද්ධ ලාභය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වුවද ඛනිජ තෙල් සංස්ථාව මගින් 2024 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට ඔක්තෝබර් 30 දක්වා පළමු මාස 10 තුළ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන 10 ක අය බදු ගෙවීමෙන් රාජ්‍ය මූල්‍ය වගකීම සංස්ථාව විසින් ඉටු කර තිබූ බවද මෙම වාර්තාව මගින් අනාවරණය වී ඇත.
චන්දන සමරවික්‍රම