ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම කටයුතු කර තිබේ. අද අලුයම 2.00 සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඉන්ධන මිල ඉහළ නංවා තිබේ.
මේ අනුව පෙට්රල් ඔක්ටේන් 92 ලිටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 470කි.
පෙට්රල් ඔක්ටේන් 95 ලිටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 550කි.
ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 460කි.
සුපර් ඩීසල් ලිටරයක් රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 520කි.
කෙසේ වෙතත් භූමිතෙල් මිල ඉහළ දැමීමට මෙතෙක් කටයුතු කර නොමැත.