මෙරට අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙන බවත්, එම මුදල ලබාදෙන ලෙස අද (10දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජනවාරි මාසය තුළ පමණක් මෙරට අවශ්‍යතාවට ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 350ක් පමණ අවශ්‍ය බවත්, ඒ සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙනුයේ ඩොලර් මිලියන 150ක් පමණක් බවත් %අද^ පුවත්පත කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා හිඟව පවතින ඩොලර් මිලියන 200ක මුදල ලබාදෙන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ඉදිරි දින 10ක කාලය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙන බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
“මෙරට අවශ්‍යතාව සඳහා ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙනවා. ජනවාරි මාසයේ තෙල් ලබාගැනීමට ඩොලර් මිලියන 350ක් පමණ අවශ්‍යවෙනවා. ඒත් ඛනිජතෙල් සංස්ථාව සතුව තිබෙන්නේ මේ වනවිට ඩොලර් මිලියන 150යි. අද(10දා) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙදී ඉන්ධන මිලදී ගැනීම සඳහා හිඟයක් තිබෙන ඩොලර් මිලියන 200ක මුදල ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන්න මම කටයුතු කරනවා. මම විශ්වාස කරනවා ඒ ඩොලර් මිලියන 200ක මුදල කැබිනට් මණ්ඩලය අනුමත කරලා දෙයි කියලා." යනුවෙන්ද සඳහන් කළේය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5a62d1ac48.jpg)