පසුගිය 09දා මයිනාගෝගම හා ගෝඨාගෝගම ප්‍ර දේශයන්ට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ඊයේ පස්වරු 4ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ ඒ මහතා අද අලුයම 1ට පමණ එයින් පිටත්ව ගොස් තිබේ.
එම ප්රහාරයන් වළක්වානොගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබේ. එසේම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මේ වන විටත් නියෝග කර තිබේ.
මේ අතර අදාළ පහරදීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.