මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික දේශපාලන පවුලක් වන තෙන්නකෝන් පවුලට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව අහිමි වී තිබේ. මෙවර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා තරග කළත් එම පක්ෂයට මාතලේ දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි විය.
මාතලේ දිස්ත්‍රිකයේ ආසන පහෙන් හතරක් මාලිමාව හිමිකර ගත් අතර සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිවිය.