මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
ඊයේ (08) රාත්රියේ පේරාදෙණිය දිශාවේ සිට මහනුවරට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිරිංග ක්රියා විරහිත වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන ත්රිරෝද රථයක ගැටී මහමග ගමන් කරමින් සිටි පිරිසක්ද යට කරගෙන ගොස් බැම්මක වැදි ලොරි රථය නතර වී තිබේ.
අනතුරින් තුවාල ලැබූ හය දෙනකු මහනුවර ජාතික රෝහලට ද තවත් හය දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කළ බව පොලිසිය කියයි. එසේ තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ පාදවල අස්ථි බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මහනුවර මූලස්ථාන පොලිසියේ රථවානන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

