කලවාන නගරයේ පෞද්ගලික වාහන සේවා ආයතනයක් අසලදී ඊයේ 01දා තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ගොණගලකන්ද ප්රදේශයේ පදිංචි රාජිත ජයසූරිය නැමැති (54) හැවැරිදි විවාහක දෙදරු පියෙකු බව කලවාන පොලිසිය පැවසීය. පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහර දී ඔහු එම ස්ථානයේ ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය. රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයකු පැවසීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
උපේන්ද්ර ප්රියංකර ජාතුංගම