රජයේ සායනික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් වෙනුවෙන් ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු මධ්‍යම තැපැල් හුවමාරුව හරහා නිවසටම ලබා දිමේ පියවරයන් ඉදිරියේදි ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
රෝගින්ට සිදුවන අපහසුතාවන් මඟහරවා ගනිමින් ඔවුන්ගේ දත්ත අදාළ රජයෙ රෝහල් වලින් ලබා ගනිමින් තැපැල් හුවමාරුව මගින් මෙලෙස බෙදා හැරිමට පියවර ගන්නා බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.
එසේම කිසිදු විෂබිජයකින් තොරව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් මගින් මෙය සිදු කරන බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් බිය නොවිය යුතු බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
අද (28) පැවති කොරෝනා මර්දන කාර්ය සාධන බලකායට එක්වෙමින් අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.