පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අද (30දා) සිට ආරම්භ වේ.
මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයන් හත් ලක්ෂ තිස් අටදහස් පනහක් (738,050) සුදුසුකම් ලබා තිබේ.
මේ අනුව අද හා ලබන මස 04වැනි දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය භාවිත කිරීමේ සිදු වේ.
ලබන මස 01වැනි දින හා 04 වැනි දින අනෙකුත් රාජ්‍ය ආයතනවල හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය භාවිත කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.
මෙම දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 7 හා 8 යන දෙදින තුළ අවස්ථාව ලබා දී තිබේ. මේ අනුව මෙම දින 02 තුළදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකිය.
තැපැල් ඡන්දය සලකුණු කිරීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වලංගු අනන්‍යතා පත්‍ර පහක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපියද භාවිත කළ හැකිය.
රාජකාරි හැඳුනුම්පත තැපැල් ඡන්දය භාවිත කිරීමේදී පිළිගනු ලැබුවද, පසුගිය ඡන්ද විමසිම්වලදී ඒ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු සැලකිල්ලට ගෙන මෙම ඡන්ද විමසිමේදී රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්ය අධීක්ෂණයට පත් කර ඇති නිලධාරීන් විසින් සිදුකරනු ඇත.
එසේ නොවන අවස්ථාවලදී රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීමේ අවස්ථාව ලබා නොදිය යුතු බවට සහතික කිරීමේ නිලධාරීන්ට දන්වා යවා තිබේ.