කරන්දෙණිය දිවියගහවෙල ප්‍රෙද්ශයේ අද(10) පස්වරුවේදී දෙදෙනෙකු විසින් තීරෝද රථ රියදුරෙකුට එල්ල කරන ලද පිහි පහරවලින් බරපතල තුවාල ලබා තීරෝද රථ රියදුරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ ඇල්පිටිය අංපිටියවත්ත පදේශයේ පදිංචි එම්.ඒ.තිලකසිරි නමැති හැටදෙහැවිරිදි කුලී තීරෝද රථ රියදුරකු බවද පොලීසිය කියයි. කුලී ගමනක් යන මුවාවෙන් දෙදෙනෙකු විසින් තීරෝද රථය ඇල්පිටියේ සිට කරන්දෙණිය දිවියගහවෙලදී දක්වා කැදවාගෙන විත් එම් මාර්ගයේ පාලු ස්ථානයකදී තීරෝද රථය නතර කොට පිහියක් පෙන්වා තීරෝද රථ රියදුරුගේ ගෙල පැලදි රන් මාලය කඩාගෙන ඔහුගේ මුදල් පසුම්බිය උදුරා ගැනීමට සැරසීමේදී තීරෝද රථ රියදුරු කෑගැසීමට පටන් ගැනීමත් සමගම ඔවුන් දෙදෙනා විසින් තීරෝද රථ රියදුරුට පිහියෙන් ඇන පලා ගොස්ඇති බව ද පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙන් එල්ල කළ පිහි පහරවලින් තීරෝද රත රියදුරුගේ උදරයට බරපතල තුවාල සිදුවී ඇති බවද පොලීසිය කියයි. කරන්දෙණිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත/ඇත්කදුර ජනක් ද සිල්වා