පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය පිළිබඳව කලබල නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වන එම ලිපියෙන් ‘කළු ජූලිය’ ඉස්මතු කරමින් මේ මස 05 සහ 06 යන දෙදින තුළ සිදු විය හැකි යැයි පැවසෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ හෙළිදරව්ව සැලකිල්ලට ගෙන ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ තොරතුරු මත පදනම් බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
මෙම තොරතුර බුද්ධි අංශ විසින් තහවුරු නොකළ තොරතුරක් වන අතර එම ලිපියේ සඳහන් පරිදි ‘කළු ජූලිය’ ඉස්මතු කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව භුමි තොරතුරු ලැබී නොමැත.
තවද, මෙම ප්‍රහාර ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සිදු කළ හැකි බවත්, රජය අපකීර්තියට පත් කිරීමට සහ අස්ථාවර කිරීමට නොයෙකුත් රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් ප්රචණ්ඩත්වය අවුලුවාලිය හැකි බවත්වැඩිදුරටත් දන්වා එවා ඇත.
මෙම බුද්ධි තොරතුරු පිළිබඳව ඉදිරි පරීක්ෂණ මේ වනවිට සිදු කරනු ලබන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දී ඉහළ ආරක්ෂාවක් තහවුරු කිරීම සඳහා සියළු පියවර ගෙන ඇති බවත් ඒ අනුව මහජනතාව කලබල නොවී තම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.