මෙරට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය/පවත්වාගෙන යනආයතන 09ක් සම්බන්ධයෙන් තහනමක් පැනවීමටතීරණය කළ බව මහ බැංකුව පවසයි. ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.
ඒ අනුව Tiens Lanka Health Care (Pvt) Ltd, Best Life International (Pvt) Ltd, Global Lifestyle Lanka (Pvt) Ltd, Mark-Wo International (Pvt) Ltd, VML International (Pvt) Ltd, Fast 3Cycle International (Pvt) Ltd, Sport Chain App, Sports Chain ZS Society Sri Lanka, OnmaxDT සහ MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd සහ MTFE DSCC Group (Pvt) Ltd. යන ආයතන මෙලෙස තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට මහ බැංකුව තීරණය කර තිබේ.
මෙලෙස තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, මුදල් පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයකු සිදු කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මහ බැංකුව සඳහන් කරයි.
මෙසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බැලීම පිණිස නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමු කර ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.
මේ අතර ඊයේ (24දා) මහ බැංකුවේ පැවැති මුදල් ප්රතිපත්තිවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, “මෙවැනි පිරමීඩ ව්‍යාපාර ගැන අපි නම් කරලා ක්‍රියාමාර්ග අරගෙන ඒවා කඩා වැටෙන කොට වෙනත් වෙනත් නම්වලින් ඒවා ආයිත් මතුවෙන්න බලනවා. ඒ නිසා විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මෙවැනි පිරමීඩ ව්‍යාපාරවලට හසුවෙන්න එපා. ඒ විදියට සල්ලි දාලා තියෙනවා නම් ඒ අයගෙන් ඒ සල්ලි අරගන්න කියලයි. එහෙම නැත්නම් ඒ ගැන පැමිණිලි කරලා එවැනි ව්‍යාපාරවලට එරෙහිව නීතිමය පියවර ගන්න කියලයි.” යනුවෙන් පවසා සිටියේය.