පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් වල තීන්දුව අදදින (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැණිණ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.
පළාත් පාලන මැතිවරණ නියමිත දින නොපැවැත්වීිමෙන් වගඋත්තරකරුවන් සර්වජන ඡන්ද බලය සම්බන්ධයෙන් ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් පෙත්සම පවරා ඇති පෙත්සම්කරුවෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටිති.