වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරිම සදහා පැවැත් වු තරගයක් අතරතුරදි වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කල තිදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇත. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති (39) හැවිරිදි තිදරු පියෙකි.
ඉකුත් (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වු තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිම තරගයක් පවත්වා ඇත.
එම තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර , ඒ සදහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා දි ඇති අතර , එහිදි අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තොරා ගැනිමට සැලසුම් කර ඇත.
එම තරගයෙන් ජයග්‍රහණය කල තරගයට ඉදිරිපත් විමට පෙර සිටම අධික ලෙස මත්පැන් පානය කර සිටි බව එම වතුයායේ වතු කම්කරුවන් පැවසිය. රාත්‍රියේ නිවසට පැමිණි තම පියා රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු (28) දින අලුයම නින්දේම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි මියගිය තිදරු පියාගේ වැඩිමහල් දියණිය මරණ පරික්ෂණයේදි පවසා ඇත්තේ.
මෙම තරගයට ඉදිරිපත් වු තවත් පුද්ගලයෙක් අධික ලෙස රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව වශයෙන් සටහන් කර ඇත්තේ නිව්මේනියාව උණ රෝගය වැලදි සිටිම සහ ගෙල නහරයේ ආහාර සිරවිම මරණයට හේතුව වි ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු (31) දින එම වතුයායේදි සිදු කෙරිණ.