පාරම්පරික වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා අනුබල ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධකාරවරයෙකු වන බව පොලිසිය කියයි.
පණාමුර ප්‍රදේශයේ පදිංචි පාරම්පරික වෛද්‍යවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍යවරයෙකු බවට ලබාදෙන සහතිකය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමාගේ අනු දැනුම ඇතිව ලබාදීමේ කටයුතු කර දෙන බව පවසා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් කොළඹ හෝටලයක් තුළ ලබා ගනිද්දී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය කැලණිය හා පිළිමතලාව පදිංචිකරුවන්ය. සැකකරුවන් කොළඹ ප්‍රධාන මෛත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව පරීක්ෂණ පවත්වයි.