නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ඇක්ටේරියා රෙසිඩෙන්ස් සුඛෝභෝගි මහල් නිවාස සංකීර්ණයේ 9 වෙනි මහලේ ඉහළ පිහිටි නාන තටාකය අසල සිට පහළට වැටි ගෘහ අලංකරන ශිල්පිනියක් මියගොස් ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ 8 කොටා පාර කල්දේරා ගාඩන්ස් හි පදිංචිව සිටි ලෝරා ඉමාෂා ඩෙන්සි නමැති 29 හැවිරිදි අවිවාහක තරුණියකි
මියගිය තරුණිය පෙරේදා (29) එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් හට ඇයගේ ඡායාරූප කීපයක් මහල් නිවාස සංකීර්ණයේ 9 වෙනි මහලේ ඉහල නාන තටාකය අසලට ගොස් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇති බව එම ආරක්ෂකයන් සිදුකළ ප්‍රකාශ වලින් අනාවරණය වී යැයි පොලිසිය කියයි
මියගිය තරුණිය මීට මාස කීපයකට ඉහතදී මෙම සුඛෝ භෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන තනිව ජීවත් වි ඇති බවට සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත
මියගිය ඇය මත්පැන් භාවිතා කරන බවත් මානසික ආතතියෙන් සිටි බවත් ඇයගේ මව පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇත
අදාළ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා බීමෙන් අනතුරුව මෛත්රාත්තුමා විසින් ස්ථාන පරීක්ෂණයක් හා මෘත දේහ පරීක්ෂාවක් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරයාට නියෝග ලබා දී ඇත
මියගිය තරුණිය නාන තටාකය අසල සිට බිමට පැන්නාද ? වැටුනාද ? යන්න පැති ඔස්සේ විමර්ශන සිදු කෙරේ
නාරහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ උපදෙස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි , සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේකර මහත්වරුන් පරීක්ෂණ පවත්වයි