රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා බටපොල පදේශයේ නව වසරේ පාසල් ශිෂයකු උස්සන බවට පවසමින් නිතර නිතර දුරකතන ඇමතුම් දුන් කාන්තාවක් ඊයේ 01දා කොස්ගොඩදී සැකපිට පශ්න කිරීම සදහා බටපොළ පොලීසියට රැගෙන ආ බව කියයි.
මෙසේ සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබූවේ අම්බලන්ගොඩ පධාන පාසලක නව වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකුගේ මවත් බවත් ඇය මෙසේ කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ සිය පුතු ඉගෙනුම ලබන පාසලේම එකම පංතියේ ඉගෙනුම ලැබූ හොදම මිතුරාගේ මවගෙන් බවත් පොලීසිය කියයි.
පැහැර ගන්නේ යයි කියන බටපොළ පදිංචි සිසුවාගේ මවට යමක් කමක් තිබෙන බවත් එය සැලකිල්ලට ගනිමින් සැකකාරිය මේ මවට වෙනත් දුරකතනයකින් ඇයගේ ජංගම දුරකතනයට ඇමතුම්දී රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා නොදේනම් සිසුවා පැහැරගෙන ගොස් මරා දමන බවට තර්ජනය කරමින් දුරකතන ඇමතුම් ලබාදී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලීසිය කියයි.
මේ කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ලබාදුන් බව හා ලැබුණු දුරකතන ඇමතුම්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ කප්පම් සිද්ධියේ සැකකාරිය හදුනා ගැනීමට හැකිවූ බව ද පොලීසිය කියයි.
බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.