අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය විසින් 10/29 දින පැය 03 ක් වැනි කාළයක් තුළ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙකි. ඇය වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගෘහ සේවිකාවකි.
ඇය 10/29 දින උදෑසන 08.38 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව සියලුම ගුවන් මගීන් , තම ගුවන් යානයෙන් බැස ගිය පසු ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ තිබේ .
පසුව ඔවුන් ගුවන් තොටුපොළ නිශ්කාශන කටයුතු නිමා කර , ඔවුන් සිය ගමන් මලු රැගෙන , ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වනවිට , ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබේ .
ඉන්පසුව ඒ පිළිබඳ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරතුමිය දැනුවත් කිරීමෙන් පසු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම සිදු කර තිබේ.
එහිදී ගුවන් යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක් , ගුවන් නියමුවාගේ ගමන් බෑගය රැගෙන , වහා ගුවන් තොටුපොළ වෙනත් ස්ථානයකට ගොස් , එම ගමන් බෑගය , ඇය සිය බඩුබාහිරාදිය රැගෙන යන ට්‍රොලි කරත්තය තුළ සගවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබේ .
ඒ අනුව වැඩිදුරටත් එම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී , ඇය වහ වහා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී සිය නිවෙස බලා පිටත්ව යන ආකාරය ද එහි සටහන් වී තිබේ .
ඒ අනුව ත්‍රිරෝද රථය හදුනා ගන්නා ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරතුමිය ඇතුළු එහි නිලධාරීන්
මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට දන්වා එම ත්‍රිරෝද රථයේ රියැදුරුවරයාගේ මග පෙන්වීම මත වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි ගෘහ සේවිකාවගේ නිවෙස වෙත ගොස් ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොයා අත් අඩංගුවට ගෙන තිබේ.
අත් ඩංගුවට ගත් ගෘහ සේවිකාව සහ ඇය විසින් සොරා ගත් ගමන් බෑගය ද සමග මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබේ