ඔස්ට්‍රේලියාවේ අද වාර්තාකරු
තමන්ගේ මුදලින් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් වෙත ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර නොමැත.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීමට ගොස් එරට රැකියාවල නිරතව සිටිමින් ඉගෙන ගන්නා සිසුන් වෙත ගැටලුවක් ඇතිව තිබේ.
මේ වන විට ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකට රැකියා අහිමි වී ඇති හෙයින් ඉගෙන ගැනීමට පැමිණ ඔස්ට්‍රේලියාවේ රැකියාකරන පිරිසට මේ අවස්ථාවේදී පවතින තත්ත්වය සමනය වන තෙක් තම මව්රටට යෑම සුදුසුම විකල්පය බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එසේම එසේ යන සිසුන් වෙනුවෙන් දුරස්ත අධ්‍යාපනය (E-Learning) ක්‍රමය හරහා ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධවීමට අවස්ථාව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ අතර අනුග්‍රාහක පදනම මත දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගෙන ඇති සිසුන්ට පවතින තත්ත්වය සමනය වන එම තෙක් දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවශ්‍ය වන පරිදි වීසා බලපත්‍ර අලුත් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් වන වියදම් ඔවුන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ පිරිස් විසින් දැරිය යුතු බවත් වීසා බලපත්‍ර කල් ඉකුත් වීමට මාසයකට පෙර මේ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.