පවතින තද වැසි තත්ත්වය හෙට (28දා) දිනයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් අඩු වී යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි පෙන්වා දෙයි.
ඉන්පසුව මේ මස 29වන දින වන විට ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බවද සඳහන් කරයි.