බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.
චක්‍ර ලේඛයක් මගින් මහ බැංකුව සඳහන කරන්නේ සාමාන්‍ය ණය පොලී අනුපාතය සියයට 13.5 මට්ටමේ පවත්වාගෙන යන ලෙසයි.
ඊට සමගාමීව උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත යනාදියේ පොලී අනුපාත අඩු කිරීමටද මෙමඟින් නියෝග කර ඇත.
බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් ලෙසත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක පවත්වා ගෙන යන ලෙසත් මෙමඟින් දන්වා තිබේ.
1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.