ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පැරිස් සමාජය අගය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ස්ප්‍රින්ග් රැස්විම් සඳහා ඇමෙරිකවට ගොස් සිටි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හා පැරිස් සමාජයේ ලේකම් කාර්යාලයේ සම සභාපති විලියම් රූස් මහතා අතර පැවැති සාකච්ඡාවේදී මෙම අගය කිරීම සිදුකර තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මුදල් රාජ්‍ය අමාත්‍යවරය විසින් පැහැදිලි කර ඇති අතර එහිදී පැරිස් සමාජය දැක්වූ සහායට මුදල් රාජ්‍ය අමාත්‍යවරායා විසින් සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ.