ද්වී පාර්ශවික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව හෙට (26) දිනයේ අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
අත්සන් තබන ලබන සෑම ගිවිසුමක් හා එම ක්රවේදයන් සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් හෙට දිනයේ ජනාධිපතිවරයා විසින් ජාතිය අමාතා ජයග්‍රහණයේ සුබ ආරංචිය රටේ ජනතාවට ලබා දෙනු ඇතයිද පැවසීය.
ශ්‍රී ලංකාවට අන්තරජාතික සහයෝගිතාවය නොමැති නම් හෝ රටක් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන්නේ නම් කවුරුන් කවරාකාරයෙන් හෝ සති 02 ක් වත් ආණ්ඩුකරණය කල නොහැකි බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම, ලෝක ප්‍රජාවගේ විස්වාසනියත්වයක් නොමැති ව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක අරමුදල මෙන්ම රටවල් හා ගනුදෙනු කරන ක්‍රම පිළිබඳව බොරු කළ නොහැකි බවත් එලෙස ලෝක ප්‍රජාවට බොරු කරන රටකට කිසිඳු පැවැත්මක් නොමැති බවත් හෙතෙම සදහන් කරන ලදී.
එලෙස බොරු කරමින් භාණ්ඩ අපනයනය හා ආනයනය මඟින් ගෙවුම් තුලනය ගනුදෙනු පියවීම කළ නොහැකි වුවහොත් දේශපාලන කතා කුමක් කිවත් මෙරට අන්තර්ජාතික ගෙවීම් පියවීමට නොහැකි වන බව ද හෙතෙම පවසයි.
එමනිසා වගකිව යුතු රජයක රාජ්‍ය නායකක් වශයෙන් ඉතාම අසීරු අවස්ථාවක සමස්ත ජාතිය වෙනුවෙන් තීරණාත්මක ලෙස කරුණු ප්‍රකාශ කිරීමක් පාර්ලිමේන්තුවට කළ යුතු වනවා මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ මුදල් පිලිබඳ පූර්ණ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, ඒ පිලිබඳ රටේ ජනතාවට සියලු තොරතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විනිවිද භාවයකින් යුතු ව හෙට (26) ප්‍රකාශ කරනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.