ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ ශ්‍රී ලාංකික කාන්තාවන් 200ක් පසුගිය වසර කිහිපය තුළ සිය දිවි නසා ගෙන ඇති බව ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය සඳහන් කරයි.
මෙරට පුද්ගලයන් ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින අතර, එයින් ලක්ෂ 24ක්ම කාන්තාවන් බවත් ඇය අවධාරණය කරයි.
මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සියයට 38 සිට 40 දක්වා අධික පොලී අනුපාත යටතේ ණය පහසුකම් සපයන අතර එලෙස ලබා ගන්නා ණය ගෙවා ගත නොහැකි ඇතැම් කාන්තාවන් අදාළ ආයතනවල සමහර නියෝජිතයන්ගේ ලිංගික බලහත්කාරයන්ටද ගොදුරු වී ඇති බවත් හෂිනි සිල්වා මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය නිසා පවුල් අතර අසමගිය වර්ධනය වී දරුවන් අසරණ වී සිටින අතර, ඇතැම් කාන්තාවන් රට හැර ගෘහ සේවයට යෑමට පෙළඹී ඇති බවත් ඇය පෙන්වා දෙයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බරපතළ ආර්ථික පීඩනයට ලක්ව තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ආදායම් උත්පාදන අවස්ථා නොමැති අතර, ලියාපදිංචි බැංකුවලින් ණය ලබා ගැනීමට නොහැකි වීම නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගොදුරු වී ඇත. මෙම ආයතන විසින් සතියකට 20% සිට 30% දක්වා අධික පොලී අනුපාත අය කරන අතර, එමගින් කාන්තාවන් ණය බන්ධනයට පත් වී තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම සඳහා රජය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති නමුත්, එය තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවට වාර්තාවේ.
කමල් ශ්‍රී ලියනගේ