ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද ඩොලර් මිලියන 230ට කුමක් සිදුවීද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කළුතර සහ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් හමුවීම සඳහා ඊයේ (10දා) සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජය විසින් පීසීආර් පරීක්ෂණ සදහා අවශ්‍ය උපකරණ, සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ,මුහුණු ආවරණ හෝ වෙන්ටිලේටර් යන්ත්‍ර කිසිවක් මිලදී ගෙන නොමැති බවත්, එම මුදල කුමක් සඳහා යෙදවීද යන්න සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් රටට හෙළිකළ යුතු බවත්ය.
අනෙක් රටවල් ඔවුන් සඳහා වෙන්කරන ලද මුදල් ලැබීමටත් ප්‍රථමයෙන් අවශ්‍ය උපකරණ ඇණවුම් කර ලබාගෙන ඇති බවත්, විදේශ මුදල් නොමැති නම් දේශීය සෞඛ්‍ය සමාගම්වලින් ලබානොගත්තේ මන්ද යන්නත් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
කේරළය උදාහරණයකට ගනිමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඔවුන් විසින් ලැබුණු ආධාර මුදල්වලින් වෙන්ටිලේටර්ස් 5000කට අධික ප්‍රමාණයක් ලබාගත් බවත්, කේරල සෞඛ්‍ය බලධාරීන් විසින් නොපමාව අවශ්‍ය සියලු සෞඛ්‍ය උපකරණ ලබාගෙන ඇති බවත්ය.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුව පවත්වන අවස්ථාවක නම් මෙම මුදල වියදම් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රශ්න කිරීමට හැකියාව ඇති බවත්, මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යවරිය මහජනතාවට මෙම මුදල වියදම් කළ ආකාරය පිළිබඳව විනිවිදභාවයකින් යුත් ලේඛනයක් ඉදිරිපත් කිරීමට බැඳී සිටින බවත්ය.
තමන් ඇතුළු විපක්ෂයේ සමහර කණ්ඩායම් කෝවිඩ් - 19 සමයේ අවස්ථාවාදී දේශපාලනයෙන් මිදී සිටි අතර ඔවුන් රජයෙන් ඉල්ලූ එකම ඉල්ලීම බවට පත්වූයේ දිනකට PCR පරීක්ෂණ 5000ක් පමණක් කිරීම බවත්, එම ඉල්ලීමද රජය විසින් ඉටු නොකිරීම කණගාටුදායක බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවේය.