මෙරටට ඉකුත් වසරේ ආනයනය කළ පාරිභෝගික භාන්ඩ ශීර්ෂයේ ආහාර පාන කාණ්ඩයට අයත් ආහාර ද්‍රව්‍ය වර්ග සඳහා දරන ලද වියදමෙහි පෙර වසරට වඩා වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරනුයේ තෙල් සහ මේදය ආනයනයට වන අතර එම දෙවන වැඩිම වර්ධන වේගය සීනි හා රසකැවිලි සඳහා වූ වියදමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම ආර්තික වාර්තාව වූ 2023 ආර්තික විවරණ වාර්තාව මගින් අනාවරණය කරයි.
එම වාර්තාව අනුව ඉකුත් වසරේ තෙල් සහ මේදය ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 133.9 ක් වූ අතර එය පෙර වර්ෂයට වඩා සියයට 205.2 ක වර්ධනයකි.
ආහාර පාන කාන්ඩයේ ආහාර ද්‍රව්‍ය අතරින් වැඩිම වියදමද දරා ඇති සීනි හා රස කැවිලි ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 435.5 ක් වූ අතර එය පෙර වර්ෂයට වඩා සියයට 68.9 ක වර්ධනයකි.
ඒ අනුව පෙර වසරට වඩා ආහාර ආනයන වියදම් වර්ධන ප්‍රතිශතය අතින් තෙල් හා මේදය පළමු තැනට හා සීනි හා රස කැවිලි දෙවන තැනට පත්ව ඇත.
ජේ. ඉඳුරුවගේ