රජය විසින් ලබා ගෙන තිබූ ඇමරිකානු ඩොලර් 332,704 ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවනු ලැබීමේ දී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා 2023 වර්ෂයේ මාර්තු මස 01 වැනි දා ඇමරිකානු ඩොලර් 01 ක් රුපියල් 524.60 ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදා ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් පෙරේදා(18දා) නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති කාර්ය සාධක වාර්තාවක ඇතුළත් ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු අන්තර්ගතව ඇත. රජයේ මූල්‍ය ප්‍රකාශන අනුව ආපසු ගෙවනු ලැබූ මෙම විදේශීය ණය මුදල දේශීය රුපියල් බවට පරිවර්තනය කිරීමේ දී අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදා ගෙන ඇති බව නිරීක්ෂණය වන බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 524.60 ක විදේශීය විනිමය අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් 332.704 ක මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් දාහත්කෝටි හතලිස් පන් ලක්ෂ තිස් හය දහස් පන්සීය දහඅටක වැය කොට තිබුණි.
ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පැවති කාලයේ දී රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබූ උපරිම අවස්ථාවේ දී පවා ඇමරිකානු ඩොලර් 01 ක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 363.17 කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ ඩොලර් 332,704 ක මුදලක් ලබා ගැනීම සඳහා වැය වන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දොළොස් කෝටි අට ලක්ෂ විසි අට දහස් එකසිය එකොළහකි. ඒ අනුව අදාළ විදේශීය ණය මුදල ගෙවීමට ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 53.7 ක මුදලක් වැඩිපුර වැයකොට මූල්‍ය අපරාධයක් සිදු කොට ඇති බවට විගණනයට පෙනී ඇත.
චන්දන සමරවික්‍රම