රටේ ආර්ථික වර්ධන වේගය සෘන අගයකට පත්ව තිබුණා. නමුත් රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රුපියලේ වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා අද මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා යයි, උපාධිධාරී ගුරුවරුන්ට පත්වීම් ලබා දීමේ උත්සවයකට එක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “පසුගිය වසරේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 370ක් බවට පත්ව තිබුණා. අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එවිට ජනතාවගේ අතට ලැබෙන මුදල ශක්තිමත් වෙනවා.
අද ආණ්ඩුවේ වැඩකටයුතු සඳහා මුදල් සොයාගත යුතුව තිබෙනවා. අද අපි ගමන් කරන්නේ දුෂ්කර මාර්ගයක වුවද ඉදිරියේ දී ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා.”
ඉන්ද්රමූර්ති ජයසූරිය