නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් මඟින් අද දින (2024 ජුනි 30) උදෑසන මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ 2024 ජුනි මස 29 වන දින සන්ද්‍යාවේ පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ළඟා වෙමින් සිටියි.
තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු (06) රැගත් “Devon 5” (ලියාපදිංචි අංක IMUL-A- 0909 TLE) නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කර එය විෂ වී, අසාධ්‍ය තත්වයට පත්ව, ඉන් ධීවරයින් දෙදෙනෙකු (02) ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365 ක් පමණ (කිලෝ මීටර් 675 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට පත් ව ඇති එම ධීවරයින් පිරිස වෙත කඩිනමින් වෛද්‍ය ආධාර ලබාදී ගොඩබිමට රැගෙන ඒමට සහය වන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 ජූනි මස 29 වන දින දහවල් දැනුම් දීමක් සිදු කෙරිණි.
ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාව වෙත උපදෙස් ලබා දීමට කටයුතු කෙරුණු අතර, එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකල “Devon 3” නමැති බහුදින ධීවර යාත්‍රාව වෙතද සිද්ධිය දැනුවත් කෙරිණි.
එමෙන්ම, නාවික හමුදා වෛද්‍යවරයෙක් මඟින් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් වෙත වෛද්‍ය උපදෙස් ලබා දීමද සිදු කෙරුණු අතර (Tele Medical Assistance Service), “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව 2024 ජුනි මස 29 වන දින සන්ද්‍යාවේ ආපදාවට පත් “Devon 5” බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
අද දින (2024 ජුනි 30) උදෑසන කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් මඟින් මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ 2024 ජුනි මස 29 වන දින සන්ද්‍යාවේ පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ළඟා වෙමින් සිටියි.
2024 ජුනි මස 29 වන දින රාත්‍රිය වන විට “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අතරින් ධීවරයින් සිව් දෙනෙකු (04) ජීවිතක්ෂයට පත් වී ඇත. “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ඉතිරි වී සිටි අසාද්‍ය තත්වයේ පසුවන ධීවරයින් දෙදෙනා (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාව මඟින් මෙලෙස අද දින (2024 ජුනි 30) උදෑසන මුදවා ගැනීමෙන් පසු වෛද්‍ය ආධාර ලබාදෙමින් මේ වන විට ගොඩබිම දෙසට රැගෙන එමින් සිටින අතර, විජයබාහු නෞකාව මඟින් එම ධීවරයින් දෙදෙනා (02) ලබා ගැනීමට නියමිතව ඇත.