ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වේගයෙන් වැඩිවීමට හේතු වී ඇති ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරය තුළ වේගයෙන් ව්‍යාප්තවී ඇති අකාරය දැක්වෙන ප්‍රස්තාරයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අනුව ජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට 75ක් දක්වා වර්ධනය වී තිබේ.
