ඩුබායි සිට ඊයේ (18දා) ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 290 දෙනාගෙන් 19කට මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබේ.
ඊයේ දිනයේදී රෝගීන් 23ක් වාර්තා වූ අතර එයින් 19ක්ම මෙසේ ඩුබායි සිට පැමිණි අය වෙයි.
ඊට අමතරව කටාර් සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්, එංගලන්තයේ හා රුසියාවේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්ට කොවිඩ් ආසාදනය වි තිබුණි.
මේ වන විට ශ්‍රි ලංකාවේ වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1947කි.