ඩුබායි රාජ්‍යයේ සැඟව සිට හංවැල්ල කේන්ද්‍ර කරගෙන මිනිස් ඝාතන සහ කප්පම් ගැනීමේ නිරත කන්නංගරගේ ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැති අපරාධකරු ගේ තර්ජන හේතුවෙන් ව්‍යාපාරිකයන් රැසක් සිය ව්‍යාපාරික ස්ථාන වසා නිවෙස් හැර ගොස් ඇතැයි පොලිසිය කියයි.
තවද එම අපරාධකරුගේ තර්ජන හමුවේ මේ වන විටත් හංවැල්ල ප්‍රදේශයේ ඉන්ධන හලකට ද පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
34 හැවිරිදි එම අපරාධකරු මනුෂ්‍ය ඝාතන 5කට පොලිසියට අවශ්‍යව කරන පුද්ගලයෙක් බවට පොලිස් පොතේ සටහන්ව ඇත.
ඒ අතරින් බූරු මූනා ලවා 2022 වසරේ දෙසැම්බර් මස 18 වෙනි දින හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වන ෆර්ශාන් ඝාතනය කිරීම සමාජයේ දැඩි කතාබහට ලක්විය.
ඊට හේතුවුයේදී, අදාළ ව්‍යාපාරිකයා ඔහුට කප්පම් මුදල් ලබානොදීමයි.
එමෙන්ම ඉකුත් සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඝාතනය ට ලක්වූයේද ඒ හේතුවෙනි .එයද සමාජයේ දැඩි කතාබහට ලක් විය.
එලෙස ඝාතනයට ලක් වූපුද්ගලයා ලලිත් කන්නංගරට බස් රැකියාවක් පළමුව ලබාදුන් පුද්ගලයා විය. එම පුද්ගලයාගෙන් ද කප්පම් ඉල්ලා ඒවා ලබානොදීම නිසා ඝාතනය කිරීම හේතුවෙනි.
එම ඝාතන දෙක අතරතුර 2023 දෙසැම්බර් මස 25 වෙනි දින හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේදී මන්නා රොෂාන් තවත් පුද්ගලයකු ඝාතනය කිරීම මෙන්ම 2024මාර්තු මස 4 වෙනි දින පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී මන්න රොෂාන්ගේ සහෝදරයා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීම සැකකරු සිදුකළ අපරාධ අතර සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
බස් ලලිත්ගෙන් තර්ජන එන්න එන්නම වැඩිවීම හේතුවෙන් හේතුවෙන් මේවන විට ව්‍යාපාරිකයන් රැසක් සිය සුඛෝභෝගි නිවෙස් අතහැර ගොස් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිවෙස් වටා මේ වන විට වල්බිහි වී කැලෑ වැදී විනාශ වී ඇත.
එලෙස නිවෙස් හැර ගිය අය අතර බස් ලලිත්ගේ උපදෙස් මත ඝාතනය කළ පුද්ගලයන්ගේ පවුලේ උදවියද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අතර බූරු මූණා විසින් ඝාතනය කළ මුස්ලිම් ව්‍යාපාරිකයා ෆර්ශාන් ගේ සොයුරාට අයත් නිවස ඇතැයි දැනගන්නට ඇත.
එයද වසා දමා එහි හිමිකරු ගොස් ඇත්තේ, ලලිත් කන්නංගරගෙන් දිගින් දිගටම කප්පම් ඉල්ලා එල්ල වූ තර්ජන හේතුවෙනි.
මේ අතර හංවැල්ලේ තවත් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් වන අතර එහි හිමිකරුවන් ද නිවස අතහැර දමා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර දිද්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ද සිය නිවස හැර දමාගොස් ඇත.
මීපේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලට අමතරව තවත් ඉන්ධන පිරවුම්හල් කිහිපයකින්ම කප්පම් ඉල්ලා ඇති බවට වාර්තාවන්නේ.
ලලිත් කන්නංගර නැමැති අපරාධකරු අත් අඩංගුවට ගැනීම සඳහා මෙරට ආරක්ෂක අංශ මගින් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ලබාගෙන තිබෙන අතර ලලිත් කන්නංගර නැමැත්තා ඩුබායි හි සැගව සිටින සිය බිරිය සහ දරුවන් දිඹුලාගල ප්‍රදේශයේ සඟවා ඇති බවට ද ආරක්ෂක අංශ මගින් මේ වන විට සොයාගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.