මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි සිටින ගැබිනි මවුවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පසුවන සහ රැකියා බලපත්‍ර අවසන් වී සිටින විදෙස් ශ්‍රමිකයන් 275 දෙනෙකු හෙට (17දා) මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් 'අද' පුවත්පත කළ විමසීමකදී කොළඹගේ මහතා සඳහන් කර සිටියේ, එම පිරිස මෙරටට පැමිණීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවයි.
එම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සිදුකරන බවද කොළඹගේ මහතා කියා සිටියේය.
පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව යම් අයෙකුට කෝවිඩ් - 19 ආසාදිත බවට අනාවරණය වුවහොත් ඔවුන් ඩුබායි රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන බවද කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.
අන්තර්ජාතික නියමයන්ට අනුව එම කටයුතු සිදුකරන බවත්, ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නිරෝධායනය සඳහා යොමු කරන බවත් කොළඹගේ මහතා සඳහන් කළේය.