සියලුම ඉන්ධන මිල ගණන් ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ලැබිණි.
එහිදී ලංකා සුදු ඩීසල් රුපියල් 30කින් අඩු කිරීමට කටයුතු කර ඇත. කෙසේ වෙත්තත් වර්තමානයේ රුපියල් 27ක පාඩුවකඅ විඳදරා ගනිමින් බස් රථ ධාවනය කරන බවත්, ඒ අනුව බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය අනුව මෙම ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා 'අද' පුවත්පතට පැවසීය.
ඒ අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි වන්නේ ලබන ජූලි මාසයේදී බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.