ඩිජිටල් දුම්රිය ප්රවේශ පත්රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ www.pravesha.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමේ හැකියාව ඇති මෙම නව ටිකට්පතට QR කේතයක් ඇතුලත්කොට ඇත.
අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තමන්ට අදාල ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී පරීක්ෂකවරයාට පෙන්වීමට හැකිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය