නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම ජේෂ්ඨ පොලිස් නිළධාරියකු 23 පැවසීය.
23 දින දහවල් කාලයෙ මෙම ඩ්‍රෝන කැමරාව නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබියදීමෙලෙස කඩා බලාගාර භුමියට කඩා වැටීමකට ලක්වී ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මෙම ඩ්‍රෝන කැමරාව කිසිවකු විසින් ගුවන් ගත කර ලක්විජය බලාගාර භුමිය ජායාරූප ගත කිරීමකට ලක්කර ඇති බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත් නීත්‍යානුකුල අවසරයකින් තොරව මෙලෙස ඩ්‍රෝන කැමරායක් බලාගාරය උඩු ගුවනේ ගුවන් ගත කිරීම නීති විරෝධි කටයුත්තක් බව කියයි.
අදාල ඩ්‍රෝන කැමරාව කුමන හේතුවක් මත මෙලෙස ගුවන් ගත කර ඇති දැයි සොයා බැලිමට මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කියයි.
අදාල සිද්දියත් සමග උසස් පොලිස් නිළධාරීන් බලාගාර භුමියට ගොස් මේ පිළිබදව ආරක්ෂාව සම්බන්ධව කටයුතු සොයා බලමින් ඇති බව කියයි.