කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට ඩයලොග් සමාගම එක්ව සිටියි. සහන අවශ්‍ය ජනතාව හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මේ වෙනුවෙන් ලැබී තිබේ.
රටේ සියලුම පුරවැසියන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමේ ක්‍රියාවලියේ සිට ඒවා ඇසුරුම්කරණය සහ බෙදාහැරීමේ කාර්ය රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීමට පියවර ගෙන ඇත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ රටේ ජන ජීවිතයට අගුළු වැටුණු ආරම්භක අවස්ථාවේ සිටම ලාංකීය ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් ඩයලොග් ආයතනය විසින් විවිධ වූ සමාජ සත්කාර්යයන් රැසක් දියත් කිරීමට යොමු විය.
ඒ හරහා දිවයිනේ දිස්ත්‍රික්ක 22 කට අයත් ගම්මාන 400 කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට දෛනිකව, සති හයකට ආසන්න කාලසීමාවක් පුරාවට වියළි ආහාර මළු බෙදාදීම සිදුවිය.


