නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කොන්දේසි සහිත ඇප මත ඇය මුදාහැරීමටද නියම කළේය.
රුපියල් 25,000/-ක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැඟින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකාරිය මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකාරියගේ ඇගිලි සලකුණු වාර්තාවක් කැඳවීමටද නියම කළේය.
2004 ඔක්තෝම්බර් 09 වැනිදාත් 2004 දෙසැම්බර් පළමුවැනිදාත් කාලය තුළ ශ්‍රීලාංකීය පුරවැසියකු නොවන බව දැන දැනම හා සිය නාමය ඩයනා ගමගේ ලෙස නීත්‍යානූකූලව සශෝධන කර නොතිබියදී ඩයනා ගමගේ ලෙස ජාතික හැඳුන්ම්පතක් ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිළධාරීන් රැවටීම සහ අංක 4685 දරණ උප්පැන්න සහතිකය කූඨ ලෙස සෑදීමට අනුබල දීම ඇතු`ථ චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකාරියට එරෙහිව චෝදනා නඟා ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කර තිබු නොතිසියකට අනුව විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.ඒ අනුව විත්තිකාරියට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඇයට බාරදුන්නේය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් නිකුත් කළ නොතිසියකට අනුව උසාවියේ පෙනී සිටින තම සේවාදායිතාවට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ අමිතා ධර්මදාස මහත්මිය කරුණු දක්වමින් විත්තිකාරියගේ ඇඟිලි සළකුණු වාර්තා කැඳවීීමට නියම කරන්නැයිද පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරන්නැයයිද ඉල්ලා සිටියාය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝම්බර් 04 වැනිදා කැඳවීමට දින නියම කළේය.
මෙම සිද්ධියට අදාළව විත්තිකාරියට එරෙහිව අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර ඇති වාර්තාද මහාධිකරණයට කැඳවීමටද අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළ විනිසුරුවරයා නඩුව ඔක්තෝම්බර් 04 වැනිදා කැඳවීමට වැඩිදුරටත් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අමිතා ධර්මදාස මහත්මිය පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.