දෙමල ජාතික සංධානයේ නව නායකයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසුම ලබන 21 ත්‍රිකුණාමලයේදි පැවැත්වෙන බව එම සංධානය කියයි.
ෙවත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතු කොටගෙන නව නායකත්වයක් සදහා එම සංධානයේ මධ්‍යම කාරක සභාව ගත් තිරණයක් මත මෙම ඡන්දය පැවැත්විමට නියමිතය.
මේ අනුව නායකත්වය සදහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන එම් ඒ.සුමන්තිරන්, එස්.ශ්‍රි ධරන් හා මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේස්වරන් යන මහත්වරැන්ගේ නම් යෝජනා වි අති අතර ඉන් සුමන්තිරන් හා ශ්‍රි ධරන් යන මහත්වරැ ඉදිරියෙන් සිටින බව පක්ෂ අභ්‍යයන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මධ්‍යම කාරක සභා සාමාජිකයන් සියළු දෙනාට මෙම ඡන්දය සදහා සහභාගි වන ලෙස දැනුම් දි ඇති අතර රහස් ඡන්දයකින් සංධානය නායකයා තෝරා ගැනේ.මෙම අවස්ථාව ආවරණය කිරිමට මාධ්‍යට අවසර නැති අතර ඡන්දයෙන් පසු මාධ්‍යට මෙය දැනුම් දෙන බව දෙමල ජාතික සංධානය කියයි.
පත්වන නව නායකයාගේ ප්‍රධානත්වයෙන් පලමු මහජන රැළිය ලබන 28 දා ත්‍රිකුණාමලයේදි පැවැත්විමට නියමිතය.