ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරු කොට වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන්ට ජනාධිපත් සමාව ලබාදෙන ලෙස මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගේ අත්සනින් ජනපතිවරයා වෙත යොමු කර ඇත.
එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.
2016 වසරේ දී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරු කොට ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන් වෙත පසුගිය මාර්තු මස 28 දින වසර හතරක සිර දඬුවමක් නියම කරන ලදි. මෙම ස්ථවීරයන් පසුගිය කාල වකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන හඬ අවධි කරමින් තටයුතු කළ අතර ම සමාජය තුළ පැවැති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ද පියවර ගනිමින් කටයුතු කර ඇති බවත්. ඒ තුළින් ලාංකීය සමාජය තුළ ව්‍යාප්ත වීමට ගිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැලැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසක් බවත්. ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන් ගේ එම ක්‍රියා කලාපය සමාජයේ බොහෝ දෙනෙකු ගේ ප්‍රසාදයට ලක් වූ අතරම රට තුළ ජාතීන් අතර ඇති වීමට ගිය දැවැන්ත ගැටුම් වලක්වා ගැනීමට ද හේතු වූ බව ද එම ලිපියේ සදහන්ය.
තව ද එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධූරය දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රජයට අවශ්‍යය නිර්දේශ ලබා දීමට ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන් කටයුතු කර ඇති බව පැහැදිලිය. කරුණු එසේ හෙයින් මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානය යොමුකොට එළබෙනවෙසක් පුණ්‍ය මහෝත්සවය ද නිමිතිකොට ගෙන ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන් වෙත ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන්නේ නම් මැනවැයි හිතධ්යාශයෙන් යුතුව සිහිපත් කර සිටින බව ලිපියේ සදහන්ය.
චමිල් රූපසිංහ
එම ලිපිය